තත්ත්ව කව පිළිබඳ හැඳින්වීමක්
Book information
Description
මෙම පොත, තත්ත්ව කව පිළිබඳ මූලික හැඳින්වීමකි. තත්ත්ව කව ඇතැම් විට තත්ත්ව පාලන කව, කාර්යාභිවර්ධන කව, හෝ ඵලදායිතා කව හෝ ලෙසින්ද හැඳින්වේ. මූලික සංකල්ප පිළිබඳවත්, සංවිධානයක් තුළ තත්ත්ව කව පිහිටුවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් මෙහි විස්තර කෙරේ. එහෙත් මෙය තත්ත්ව කව සංකල්පය පිළිබඳ පරිපූර්ණ උපදෙස් මාලාවක් නොවේ. තත්ත්ව කව පිළිබඳව කවර හෝ අවබෝධයක් නැති හෝ ඉතා දළ අවබොධයක් පමණක් ඇති හෝ අය සඳහා මෙම කෘතිය ප්‍රයොජනවත් වනු ඇත. බොහෝ ආයතන නෙපපැහැදිලි අදහසක් ඇතිව හෝ සම්පූර්ණයෙන්ම වැරදි හැඟීමක් සහිතව තත්ත්ව කව් ආරම්භ කිරීමට උත්සාහ කර ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්ව කව ජනප්‍රිය කරවීමේ ලා ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති අප සංගමයට මේ තත්ත්වය බෙහෙවින් සංවේගජනක වේ. මෙය ඉතා හානි දායක විය හැකි මෙන් ම කළමනාකරණ ආරවුල් පවා ඇති කරවමින් තත්ත්ව කව සංකල්පයට නරක නාමයක් ඇති වීමට පවා හේතු විය හැකිය. එහෙයින් එමහින් ජනතාව නිවැරැඳි මභකට යොමු කරවන අන්දමේ ප්‍රමාණවත් විස්තර සහිත මූලික හැඳින්වීමක් ලෙස මෙම කුඩා පොත ඉදිරිපත් කරමු. මෙම කෘතිය මගින් වැදගත් මූලික සංකල්ප ඉදිරිපත් කර, බොහොමයක් දුර්මත ඉවත්කර, තත්ත්ව කව ක්‍රියාත්මක කිරීමට නිර්දේශිත ක්‍රියාකාරී සැලැස්මක් ද පාඨකයා වෙත ලබා දීමට උත්සාහ දරා ඇත. කෙසේ වුව ද තම සංවිධාන වල තත්ත්ව කව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අය ඒ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගත යුතු බව අපි නිර්දේශ කරමු. තවද, තත්ත්ව කව විසින් භාවිතා කරනු ලබන මූලික ක්‍රමෝපාය පිළිබඳ ප්‍රකාශනයන් ද ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට අප සංගමය බලාපොරොත්තු වෙයි. පටුන ප්‍රස්තාවනාව 1 තත්ත්ව කවයක් යනු කිමෙක් ද? 1 2 තත්ත්ව කවවලට පසුබිම් වූ දර්ශනය 3 3 තත්ත්ව කව නොවන්නේ කවර දෑ ද? 5 4 තත්ත්ව කවයක ව්‍යුහය 7 5 තත්ත්ව කවයක ලක්‍ෂණ 10 6 තත්ත්ව කවයක් අනුගමනය කළ යුතු ගැටළු විසැඳීමේ ක්‍රියාවලිය 12 7 අවශ්‍ය සංවිධාන ව්‍යුහය 16 8 තත්ත්ව කව පවත්වා ගැනීමේ අරමුණු හා අත්වන වාසි 19 9 තත්ත්ව කව විසින් භාවිතා කරනු ලබන විශ්ලේෂණාත්මක ශිල්පීය ක්‍රම 21 10 තත්ත්ව කව මඟින් සාමාන්‍යයෙන් තෝරා ගනු ලබන ව්‍යාපෘති 23 11 තත්ත්ව කව සාර්ථකත්වයට අදාළ වන මුලික අවශ්‍යතා 25 12 තත්ත්ව කව වැඩ සටහන් ව්‍යර්ථ වීමට හේතු 26 13 තත්ත්ව කව සඳහා ප්‍රදානයන් කළ යුතු ආකාරය 28 14 ඔබගේ සංවිධානයෙහි තත්ත්ව කව ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද? 30
Similar books
Unsaturated Flow in Hydrologic Modeling
1989 · PDF
Antropología Cultural
2016 · PDF
ISO 9001:2015 Internal Audits Made Easy - Tools, Techniques, and Step-by-Step Guidelines for Successful Internal Audits
2015 · PDF
Quality Management
2011 · PDF
Lakdiva Sellipi Valin Heli Vana Sinhala Prathyartha Namayange Vikashanaya
1996 · PDF
Sinhala Prakruthaya
1956 · PDF
තව බලාපොරොත්තුවක් 3
2000 · PDF
තව බලාපොරොත්තුවක් 2
2000 · PDF